Saturday, September 21, 2024

ඉදිරියේදී මෙරටට ජාතික ධීවර ප්‍රතිපත්තියක් ..

Must read

fishery

මෙරට ධීවර කටයුතු සුරැකීම,කළමණාකරණය හා සංවර්ධනය කිරීම සදහා වන ජාතික ධීවර ප්‍රතිපත්තියක් ඇති කිරීමට තීරණය වී තිබෙන බව වාර්ථා වනවා.ඒ සදහා වන මූල්‍යමය හා තාක්ෂණික දැනුම ලබා දෙන්නේ නෝර්වේ රාජ්‍යෙයනුයි. මේ වන විට ලෝකයේ ධීවර කටයුතු සම්බන්දයෙන් වන වඩාත් සාර්ථක ප්‍රතිපත්තියක් ඇති රටක් ලෙස නෝර්වේ රාජ්‍ය පිලිගැනෙනවා.

නෝර්වේ රාජ්‍ය මේ සම්බන්දයෙන් ශ්‍රීලංකාවට සහය දැක්වීමට තීරණය කර ඇත්තේ පසුගිය වසරේ නෝර්වේ අග්‍රාමාත්‍යවරිය මෙරට කල සංචාරයකදී ධීවර කටයුතු හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා කල ඉල්ලීමකට අනුවයි.

ධීවර කටයුතු හා ජලජ සම්පත් සම්බන්දයෙන් විශාල දැනුමත් ඇති හා අත්දැකීම් ඇති විශේෂඥයන් පිරිසක් මේ වන විට ශ්‍රීලංකාවට පැමිණ ඇති අතර ඔවුන් මේ දිනවල මෙරට නිලධාරීන්ද සමග එක්වී ජාතික ධීවර ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමේ කටයුතු වල නිරත වෙමින් සිටිනවා.

ජාතික ධීවර ප්‍රතිපත්තිය නිර්මාණය කිරීම හා ඉදිරිපත් කිරීම මේ වසරේදී සිදුවිය යුතු අතර එය නිර්මාණය කිරීමේදී ඒ ක්ෂේත්‍රයට සම්බන්ද පිරිස්වල අදහස්, තොරතුරු මෙන්ම යෝජනාද සලකා බලන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.එලෙසම විශේෂයෙන්ම අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ ඉදිරියේදී රජයන් මාරු වීමක් සිදුවූවත් මේම ප්‍රතිපත්තිය වෙනස් නොවිය යුතු බවයි.

 news.lk ඇසුරිණි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article