Saturday, September 21, 2024

ඇවන්ට් ගාර්ඩ් නඩුව : නීතිපතිගේ අධිචෝදනා 882ම ප්‍රතික්ෂේපයි

Must read

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා විසින් ඉදිරිපත් කොට ඇති චෝදනා 882 කින් සමන්විත සංශෝධිත අධිචෝදනා පත්‍රය බාර නොගෙන ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොළ,ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (20) තීරණය කළේය.

චෝදනා 882 කින් සමන්විතව නීතීපතිවරයා විසින් ඉදිරිපත් කළ සංශෝධිත අධිචෝදනා විත්තිකරුවන්ට බාරදීමට සුදානම් වු අවස්ථාවේදී විත්තියේ නීතීඥවරුන් ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් දෙපාර්ශවයේ කරුණු සැළකිල්ලට ගත් විනිසුරු මඩුල්ල සංශෝධිත අධිචෝදනා පත්‍රය යටතේ නඩු විභාගය පවත්වාගෙන යන්නේද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කිරීම සඳහා නඩු විභාගය කල් තැබීය.ඉන්පසුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සංශෝධිත අධිචෝදනා පත්‍රය බාර නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.

මීට පෙර නීතිපතිවරයා විසින් චෝදනා 7573ක් යටතේ මෙම සිදුවීමට අදාලව නඩු පවරා තිබූ නමුත් එම චෝදනා වල මුලික පදනම බිඳ වැටීම නිසා ඉන් චෝදනා 7554ක්ම ඉවත දැමීමට තීරණය කල ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව නීතී විරෝධී අයුරින් උණ්ඩ ප්‍රවාහනයට ආධාර හා අනුබල දීම හා බොරු සාක්කි ගෙතීම යන චෝදනා 19ක් යටතේ නඩුව පවත්වාගෙන යෑමට නීතීපතිවරයාට අවසර දුන් අතර ඉන් අනතුරුව නීතීපතිවරයා විසින් විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව චෝදනා 882 කින් සමන්විත සංශෝධිත අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කළේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article