පොදුජන පෙරමුණේ මීලග ජනපති අපේක්ෂකත්වය තීරණය කිරීම අගෝස්තු 10 වනදා වන විට සිදුකරන බවට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් එකඟ වී ඇත්තේ ජුනි කාර්තුවට අදාල ලැයිස්තුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුලත්ව තිබේද නැද්ද යන්න සලකා බලා මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂට ලබා දෙනවාද නැද්ද යන තීන්දුව ගැනීම සඳහා බව වාර්තා වෙයි.
ඇමරිකන් පුරවාසිභාවය ඉවත් කරගැනීම සම්බන්දව මීලග වාර්තාව නිකුත් වීමට නියමිතව ඇත්තේ ඔක්තෝම්බර් මාසයේ මැදදීය. ඒ සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන කාර්තුව සදහාය.