Saturday, January 11, 2025

ඇමතිවරයෙක් ,දැරියක් මෙහෙකාරියක් ලෙස බදවාගැනීම නීති විරෝධීයි

Must read


පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ  නිවසේදී දැරියක් ඝාතනය කිරීම හෙළා දකිමින්  තමිල් මක්කල් විඩුදලෙයි පක්ෂය විසින් මාධ්‍ය හමුවක් පවත්වන ලදී.
මෙම හෙලාදැකීම  එම පක්ෂයේ කාන්තා  සංවිධානයේ ප්‍රාදේශීය සභා සාමාජිකයින් විසින් ඊයේ 22 වනදා  මඩකලපුවේ පක්ෂ කාර්යාලයේදී  මෙම මාධ්‍ය හමුව පවත්වන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේදී ගිනි පිලිස්සුම් තුවාල ලබා මියගිය දැරියකගේ මරණය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වන ලෙස ඔවුන් ඉල්ලා සිටියහ.
ගෘහස්ථ කම්කරු අයිතිවාසිකම් සඳහා අපට නීති අවශ්‍යය, හිසලින්ට යුක්තිය අවශ්‍යය, ඇමතිවරයකු ගැහැණු ළමයෙකු ගෘහ සේවිකාවක් ලෙස බඳවා ගැනීම නීති විරෝධී බව මාධ්‍ය හමුවට සහභාගී සාමාජිකාවන් ප්‍රකාශ කරන ලදි.

දේවා

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article