Friday, September 20, 2024

ඇදිරි නීතියෙන් ඡන්ද නාමයෝජනා කටයුතු වලට බාධාවක් නැහැ

Must read

පුත්තලම දිස්ත්‍රික්කය කොරෝනා ව්‍යාප්තිය සදහා අවදානම් කලාපයක් වශයෙන් හදුනාගැනීම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයටත්, මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයටත් අද පස්වරුවේ සිට පොලිස් ඇදිරි නීතිය පැනවීමට තීරණය කලද එමගින් පාර්ලිමේන්තු මැතිවරණය සදහා නාමයෝජනා භාරදීමේ කටයුතු සදහා බාධාවක් නොමැති බව පොලිස් මාධ්‍ය කොට්ටාසය නිකුත් කල නිවේදනයේ සදහන් වෙයි.

එමෙන්ම ඇදිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශ හරහා ගමන් ගන්නා පොදු ප්‍රවාහන සේවාවන් හා අත්‍යවශ්‍ය සේවා කටයුතුද බාධාවකින් තොරව සිදුකල හැකි බවද එම නිවේදනයේ සදහන් වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article