Saturday, September 21, 2024

ඇදහැලෙන මහවැසි මැද නැගෙනහිර විරෝධතාව ඇරඹේ ! මාධ්‍යවේදින්ටත් තහංචි ?

Must read

නිදහස් දින සැමරුමට එරෙහිව නැගෙනහිර දේශපාලකයන් මෙන්ම අතුරුදහන්වුවන්ගේ පවුල්වල අයද විරෝධතාවයක් ආරම්භ කර ඇත.අදින් ඇරඹෙන මේ විරෝධතාවය එළඹෙන 6 වෙනිදා දක්වා ක්‍රියාත්මක කිරිමට නියමිතව ඇති අතර නැගෙනහිර සිට ඔවුන් උතුර දක්වා යාමට නියමිතය.
මේ වන අම්පාර පොතුවිල් ප්‍රදේශයට ඇදහැලෙන මහවැසිද නොතකා විරෝධාතාවය ආරම්භ වි ඇති අතර ඒ සදහා දේශපාලකයන්, ප්‍රදේශයේ ආගමික නායකයන් සහ විසින් ක්‍රියාධරයන් එක්ව සිටිති
මේ අතර මෙම විරෝධාතවයන්ට අදාල මේ වන විට පොලිසිය විසින් අධිකරණ නියෝග ලබාගෙන ඇති බවද වාර්තාවේ.
මෙම අධිකරණ නියෝග මාධ්‍යවේදින් 3 දෙනෙකු වෙතද පොලිසිය ලබාදි ඇති බව සැලය

නැගෙනහිර මාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සෙල්වකුමාර් නිලාංදන් සහ බැටී නිව්ස් ප්‍රවෘත්ති ජාලයේ ප්‍රධානී ආර් සයනොලිපවන්ට එරෙහිවද පොලිසිය අධිකරණ නියෝග ලබාගෙන තිබුණි.
මෙසේ අධිකරණ නියෝග ලබාගෙන තිබුන අනෙක් කෙනා වුයේ මාධ්‍යවේදී පුණ්‍යමුර්ති ශෂිකරන් ය .

මාධ්‍යවේදියෙකු ලෙසටද කටයුතු කරන ඔහු ධිවර සංවිධානයක්ද නියෝජනය කරන බවත් ඒ සංවිධානය නමින් ශෂිකරන් හට උසාවි නියෝගය පොලිසිය විසින් ලබාදි ඇති බවත් අප විසින් කළ විමසිම් වලදි නැගෙනහිර මාධ්‍යවේදින් කිපයදෙනෙකුම ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම අනෙක් මාධ්‍යවේදින් දෙදෙනාටද මෙසේ උසාවි නියෝග ලබා දි තිබුනේ ඔවුන් මෙම විරෝධතාවය සංවිධානය කිරිමට මුලිකව කටයුතු කරමින් සිටින අයවලුන් නිසා බව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ නැගෙනහිර මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු පවසා සිටියේය

ඡායා- නෙත්ති මඩකලපුව

 

ඇදහැලෙන මහවැසි මැද නැගෙනහිර විරෝධාතව ඇරඹේ(විඩියෝ )

පොලිස් බාධාවන් මැද නැගෙනහිර විරෝධතාවය දිගටම(විඩියෝ)

බාධා මැද විරෝධතා(විඩියෝ)

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article