Sunday, April 28, 2024

ආහාර ද්‍රව්‍ය හිගයක් නැහැ – රජය කියයි

Must read

මෙරට ජනතාවගේ ඉල්ලුම සපුරාලීම සදහා ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය පවතින බවත් ඒ නිසා රට තුළ සහල් සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් පවතින බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් රජය පවසයි.

අධික ලාභ ඉපයීමේ අරමුණෙන් ඇතැම් කූඨ වෙළදුන් විසින් වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් සඟවා තැබීමෙහි නිරත වන බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන්ගේ එම උත්සහාය පරාජය කිරීම සඳහා මහජන ආරක්ෂක පනතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්පාදනයට අදාළ වගන්ති පසුගිය සඳුදා බලාත්මක කිරීම සිදුකල බවද රජය පවසයි. එමනිසා ආහාර හිඟයක් ඇති වේයැයි බිය නොවන ලෙසත් රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර පසුගිය දිනවල සිදුකල වැටලීම් වලින් ගබඩා තුළ සඟවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 29,900 ක් ප්‍රමාණයක් රජයට පවරා ගත් බවත් එම සීනි තොග පාලන මිලක් යටතේ රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන මගින් පාර්භෝගික ජනතාව වෙත අලෙවිකිරීමට සැලසුම් කර ඇති බවත් අතවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් එන්. ඩී. එස්. පී නිවුන්හැල්ල මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article