Friday, September 20, 2024

ආර්ථික සභාව සතිපතා කැඳවීමට තීරණයක්.

Must read

සමස්ථ ආර්ථිකය කළමනාකරණය සිදුකිරීම මගින් මෙරට ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමේ අරමුණින් ආර්ථික සභාව සතිපතා කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

මෙම සභවේ සාමාජිකයන් ගණන11ක් වන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි සභාපතීත්වය දරයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ, මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල, මහබැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර යන මහත්වරු මෙහි සෙසු සාමාජිකයෝ වෙති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article