Saturday, September 21, 2024

ආනයනික කිරිපිටි මිල නැවතත් ඉහළට

Must read

අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑම් එකක පැකට්ටුවක මිල රුපියල් 150කින් සහ කිරිපිටි ග්‍රෑම් 400යේ පැකට්ටුවක මිල රුපියල් 60කින් ඉහළ දැමීමට නියමිතය.

මිල වැඩිකිරීමත් සමග ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක නව මිල රුපියල් 1,345ක් වන අතර ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 540ක් බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පැවසුවේය.

කෙසේ වෙතත් දේශීය කිරිපිට මිල ඉහළ දැමීම සම්බන්දයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article