Friday, September 20, 2024

අරගලයත් රිවස්ද ? ගුරු සංගමය ඉදිරිපිටත් විරෝධතා ….

Must read

පාසල් ගුරුවරියන්ගේ ඇඳුම වෙනස් කිරීම සඳහා බලපෑම් කළ බවට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාට විරෝධය පළ කරමින් ලංකා ගුරු සංගම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඊයේ (25 වැනිදා) පෙරවරුවේ පවත්වා තිබේ.

මෙය නව ජනතා පෙරමුණ විසින් සංවිධානය කර තිබිණි.

එම කාර්යාලය ඉදිරිපිටට පැමිණි විරෝධතාකරුවෝ දරුවන්ගේ අධ්‍යාපනයට බලපෑම් නොකරන ලෙස සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ නිරත වූහ.

මෙහිදී අදහස් දැක්වූ නව ජනතා පෙරමුණේ අනුර කරුණාරත්න මහතා මෙසේද කීය.

සාරිය, ඔසරිය කියන්නේ ගුරුවරුන්ගේ හදවත වැනි දෙයක්. ඩොලර්වලට වහල් වුණ අය ගුරුවරුන්ට තියෙන භක්තිය විනාශ කෙරුවා. ජෝෂප්ට අභියෝග කරනවා පුළුවන්නම් පිළියන්දල කලාපයේ එක පාසලක ගුරුවරියකගේ ඇඳුම වෙනස් කරලා පාසලට එවන්න කියලා.

මින් පෙනි යන්නේ රාජපක්ෂලගේ දේශප්‍රේමි සංස්කෘතික මැර බලකායන් යළිත් වටයකින් හිස ඔසවාගෙන එන බවය.

ඩෑන් ප්‍රියසාද් වැනි අමු ජාතිවාදියෙකු පවා දැන් බිය සැකයක් නැතිව මාධ්‍ය හරහා කුණු කතා කියන තැනට පත්ව තිබේ.

ඉන් අදහස් වන්නේ ජන අරගලයත් රිවස්ද යන ප්‍රශ්ණය මේ වන විට දේශපාලන කවයන් අතර කතාබහකට ලක්වන්නට පටන් ගෙනය.

මේ තත්වය බරපතලය.සාමාන්‍ය ජනයා දැන් අරගලයෙන් ඈත්⁣වි තිබේ.

ඇතැම් වාම දේශපාලන න්‍යාය පත්‍රයන් ඔසවා තැබිම අරමුණු කොට ගත් දෛනික විරෝධතා සංදර්ශනවලට එහි යමින් සාමාන්‍ය ජනයා පෙළන ඇත්ත ප්‍රශ්ණ මුල්කොට ගෙන ඔවුන්ට නැගිසිටිමට හයිය නිර්මාණය කළ යුතුව තිබේ.

එසේ නොවන්නේ නම් රාජපක්ෂලගේ ජාතිවාදි දේශප්‍රේමි නඩය තවත් ඩෙගා නටනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article