අරගලයට සම්බන්ධ වී සිටියදී විවිධ හේතු මත මියගිය පුද්ගලයින් සිහිකිරීම සඳහා අරගලකරුවන් අද (09) සවස 5.45ට පමණ ගාලුමුවදොරට රැස්විය.
එහිදී සැමරුම් ආරම්භ වූ විට එම පිරිසට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස ශබ්ද විකාශන යන්ත්රමගින් පොලීසිය දැනුම් දුන් අතර පිරිස එම නිවේදනයට අවනත නොවී සිය සැමරුම ක්රියාත්මක කිරීමට කටයුතු කිරීම හේතුවෙන් අරගලකරුවන් හා පොලීසිය අතර උණුසුම් තත්වයක් ඇතිවිය. එහිදී පිරිසක් අත්අඩංගුවට ගැනීමක් සිදුවූ බවද වාර්තා වෙයි.