මීගමුව පලගතුර වැල්ලේ මුදු රස්සාව කරන සිය පුතුන්ගේ දහඩියට
උර දෙන්නට වැල්ලට එන අම්මා මේ දොස්නගන්නේ මුහුදු රස්සාවේ පාරම්පරික සිරිත් වලට පිටුපා මුදු රස්සාවේ යෙදෙන පුදුගලයන්ටයි.
තමන්ගේ දරැවන් පරම්පරාවෙන් උරැමකරගත් රස්සාවෙන් මුහුදත් බේරාගෙන ,පවුල් ගානකට රස්සාවකුත් සරිකරගෙන කරගෙන යන පාරම්පරික දැල් රස්සාවට පිටුපා සිදුකෙරෙන පෝඩු දැල් පන්න රස්සාව නවත්වා දෙන තුරැ ඇය දෙවියන්ට කන්නලව් කරයි.
සමිදුන්ගේ දුක සමරන මේ පාස්කුවේ අපේ හදවත් තුල කැකෑරෙන කන්නලව්වට දෙවියන් ඇහුම්කන් දෙන බව ඇගේ හදවත වර නගයි.
එහෙත් මීගමුව ධිවර කාර්යාලයත්, ධීවර අමාත්‍යාංශයත් තමන්ගේ අදෝනාවට ඇහුම්කන් නොදීම ගැන ඇය දොස් තබමින් කියන්නේ මගේ දරැවන් රන්ඩු සරැවල් වලට මෙන්ව කුසගින්දරේ තබන අයට මම සාප කරන බවයි.