Friday, September 20, 2024

අම්පාර දිස්ත්‍රික්කයට ඇතුල් වන වෙළෙඳුන් ලියාපදිංචි කිරීමට පියවර

Must read

අම්පාරා දිස්ත්‍රික්කයේ සමන්තුරෙයි දේශ සීමාව හරහා පැමිණෙන  වෙළෙඳුන් ලියාපදිංචි කිරීමට හා විෂබීජ හරණය  කිරීමේ ක්‍රියාවලියක්  ආරම්භ වී තිබේ.  එම ප්‍රෙද්ශය  හරහා පැමිණෙන  වෙළෙඳුන් ලියාපදිංචි කිරීම සඳහා අද (26) සිට විෂබීජ නාශක මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරේ.
සමන්තුරෙයිහි කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සමන්තුරෙයි ප්‍රාදේශීය සභාව සමඟ එක්ව කොමසාරිස් කාර්යාලය, පොලීසිය, කොමසාරිස් කාර්යාලය, මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,  විසින්  ඇතුල්වන පිටස්තර වාහන සහ වෙළෙන්ඳන්  ලියාපදිංචි කිරීම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූල බව සනාථ කරන “දවසේ ව්‍යාපාර බලපත්‍ර කාඩ්පතක්” නිකුත් කිරීමේ ක්‍රියාවලිය අද, සඳුදා සිට සමන්තුරෙයිහිදී ආරම්භ වී තිබේ.

ඒ අනුව, සමන්තුරෙයි කොරෝනා මෙහෙයුම් කමිටු රැස්වීමේ තීරණයට අනුව, සමන්තුරෙයි ප්‍රදේශයේ පිවිසුම් 4 ක් වන නෙල්පුපිඩිච් හන්දිය, වංගලාවඩි, වීරමුනායි හන්දිය සහ පල්ලාර් හන්දිය වැනි ස්ථානවල මුරපොලවල් පිහිටුවීමට නියමිතය. පෙ.ව 6.00 ආරම්භය. රාත්‍රී 10.00 දක්වා එය ක්‍රියාත්මක වේ.


දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article