Friday, September 20, 2024

අම්පාර  කරෙයිතිව් හි ‘මාලිගෙයිකාඩු’ ප්‍රදේශය  හුදකලා කරයි

Must read

අම්පාර  කරෙයිතිව් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ ඇති මාලිගෙයිකාඩු  නැගෙනහිර කොටස වැඩිදුර දැනුම් දෙන තුරු හුදකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර ප්‍රදෙශයේ මාර්ග වසා දමා ඇත.   ප්‍රාදේශීය  සභාවේ සභාපති ක්‍රිෂ්ණපිල්ලේ ජයසිරිල් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගය හේතුවෙන් කරෙයිතිව් ප්‍රදේශයට අයත් මාලිගෙයිකාඩු නැගෙනහිර ප්‍රදේශය අද (14) පස්වරු 2 ට සම්පූර්ණයෙන්ම  හුදකලා කරනු ලැබීය.

කරෙයිතිව් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජීවරානි සිවසුබ්‍රමනියම් මහත්මිය පැවසුවේ අද දින කොරෝනා ආසාදිත පුද්ගලයින් හඳුනාගෙන ඇති ප්‍රදේශවල මෙම තහනම ක්‍රියාත්මක කර ඇති බවයි. මේ වන විටත් කිරීටක කොවිඩ් 19 ආසාධනයෙන් පෙළෙන පුද්ගලයෙකු මෙහි පොදු වෙළඳපොලේ ඇවිදිමින් සිටින බවට ලැබුණු වාර්තා වලින් පසුව මෙම පියවර ගෙන තිබේ. ඉදිරි දිනවලදී සෞඛ්‍ය උපදෙස් ලබා ගන්නා අතර නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ලැබේ.එතෙක් කිසිවෙකුටත් ඒ ප්‍රදේශයට ඇතුළුවීමට හේ පිටනොවන ලෙස  උපදෙස් දී තිබේ.

අද උදෑසන ප්‍රදේශයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින්  පීසීආර් පරීක්ෂණ 100 කට වැඩි ප්‍රමාණයක් සිදු කරන ලද අතර අද උදෑසන ලබා ගත හැකි කොරෝනා ආසාදන සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් තිබේ. 

දේවා 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article