අම්පාරේ හි නවිතන්වේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සෝරික්කල්මුනායි ප්‍රදේශයේ අලි රංචුවක් වෙසෙන බවත් ඔවුන් හිටි ගමන් වීරමුනායි ප්‍රෙද්ශය හරහා වීදිවල සැරිසරන බව ප්‍රදේශවාසීන් පවසයි. සෑම දිනකම එම ප්‍රෙද්ශයේ කුඹුරු වලට පැමිණ සිටින අලි ඇතුන් ප්‍රෙද්ශයේ ජනතාවට සුළඹ දසුනක් වී ඇත.
කුඹුරුවලට පැමිණ සිටින අලි ඇතුන් නගරයට ඇතුළුවීමට උත්සාහ දරන අවස්ථාවන්හිදී එයට බාධාකරමින් ජනතාව ඝෝෂා කරති. එබැවින් මෙම එම ප්‍රෙද්ශයේ ගමනාගමනය අඩාල වී ඇතිබව වාර්තා වේ. පෙබරවාරි 22 වනදා අම්පාර දිස්ත්‍රික්කයේ වලතපිටියේ පදිංචි 42 හැවිරිදි මයිල්වාගනම් යෝගරාසා නම් ගොවියෙකුට අලියෙකු විසින් පහර දී තිබේ. මෙම සිදුවීමට ඔහු මුහුණදී තිබෙන්නේ සිය අස්වැන්න ආරක්ෂා කරමින් සිටි අවස්ථාවකදීය.