Wednesday, November 27, 2024

අපි ජනපති සමග නැහැ ! හකීම් සහ බදුර්දීන් කියයි !

Must read

ඊයේ සවස් වන විට මහත් ආන්දෝලනාත්මක පුවතක්ව පැවතියේ අමාත්‍ය මුස්ලිම් කොන්ග්‍රස් නායක රාවුෆ් හකීම් සහ අමාත්‍ය සමස්ත ලංකා මහජන කොන්‍ග්‍රස් නායක බදුර්දීන් යන මහත්වරු ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීම ය.

තමන් දෙනො ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවත්, එහෙත් ජනාධිපතිවරයා කළ ව්‍යවස්ථා විරෝධි ක්‍රියාවට අනුබල නොදෙන බවත් ඔවුන් දෙදෙනා පවසා ඇත. එමෙන් ම ජනාධිපතිවරයා සමග කිසිදු අවබෝධතා ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා නොකළ බව ද ඔවුන් ප්‍රකාශ කර ඇත.

සුහද සාකච්ඡාවකට යැයි පවසමින් මුස්ලිම් නායකයන් දෙපළ කැදවා ඇති ජනාධිපතිවරයා ඔවුන්ට තර්ජනාත්මක ස්වරයෙන් කතා කර ඇති අතර තමන්ට සහ මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ නොකරන්නේ නම් තමන් ආණ්ඩුව විසුරුවා හරින බව ජනාධිපතිවරයා පවසා ඇත. එහි දී මුස්ලිම් නායකවරු දෙපළ පවසා ඇත්තේ එබඳු ප්‍රතිපාදනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොමැති බවයි. එවිට අවඥාවෙන් සිනහ වී ඇති ජනපතිවරයා පවසා ඇත්තේ ‘‘ඇයි මට ජන මතය විමසන්න බැරිද?’’ යනුවෙනි.

එහි දී මුස්ලිම් නායක දෙපළ පවසා ඇත්තේ ජනමතය විමසීමට අයිතියක් ඇති බවත්, එය වරදක් නොමැති බවත්, එහෙත් එය කළ යුත්තේ ව්‍යවස්ථානුකුලව බවයි. ඒ අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය පවතින්නේ පාර්ලිමේන්තුවේ කාලය අවසන් වීමට මාස හයකට පෙර පමණක් බව මුස්ලිම් නායක දෙපළ පැහැදිලි කර ඇත. එසේ නොමැති නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්ත හිමි විය යුතු බව ද ඔවුන් ජනාධිපතිවරයාට පැහැදිලි කර ඇත.

හකීම්ගේ ටුවිටර් පණිවිඩය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article