Thursday, January 23, 2025

අපිට ‘ඊළම්’ කියා ආණ්ඩුව ‘චීලමක්’ හදනවා – පා.මන්ත්‍රී ඒම්. සුමන්තිරන්

Must read

අද (21)  පෝට් සිටි පනත සම්මතකර ගැනීමේ  පාර්ලිමේන්තු සැසිවාරයේදී  දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඒ්  සුමන්තිරන් මහතා විසින්  රජයේ විසින් චීනය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිපත්තිය දැඩිව විවේචනයට ලක්කරන ලදී.

මෙහිදී  ඔහු විසින්  පෝට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධව ශ්‍රී ලංකා රජය ඒකගවිමට යන කොන්දේසී විසින් රටක් තුළ තවත් බලප්‍රදේශකට  බලඅධිකාරියක් ලබාදී ඇති බවත් , මෙම  වරාය නගරය ඇතුළතදී පිලිපැදිය යුතු සමහර බදු කොන්දේසී විසින් ඒය මනාව ඔප්පුකර ඇති බවත් පෙන්වා දෙන ලදී.

ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ඉල්ලන දෙමළ ජනතාවට ඊළාම්වාදීන් කියා හංවඩු ගසන සිංහල දේශප්‍රේමීන් දැන් කියන්නේ කුමක්ද ? අපට ඊලාම් කියන ඔබ විසින් දැන් ‘චී ලාම්’  හෙවත්
‘චී ලංකාවක් ‘  නිර්මාණය  කරනු ඇතැයිි  සුමන්තිරන් මන්ත්‍රීවරයා කියා සිටියේය. මෙහිදී  මන්ත්‍රීවරයා විසින් තවත්  උදාහරණයකට ගනිමින් ප්‍රතාශ කළේ පසුගියදා පා.මන්ත්‍රී රාසමාණික්ම් විසින් ඔහුගේ ටිවිටර්  ගිණුමේ ප්‍රදර්ශනය කළ   වරාය නගරය තුුළ  ඇති  සෙන්‍ට්‍රල් පාක් හි පුවරුුක  තෙවැනි භෂාව ලෙස චීන භාශාව නම්කර තිබීම සම්බන්ධයෙන්  රාසමාණික්කම් මන්ත්‍රීවරයාගේ ප්‍රශ්න කිරීමට රජය ප්‍රතිචාර දක්වනවා වෙනුවට චීන තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වා ඇති බවයි.

රජය ප්‍රතිචාර දැක්විය යුතු දෙයකට චින තානාපති කාර්යාලය ප්‍රතිචාර දැක්වීම පිළිබදවද ඔහු විමතිය  පළ කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article