Saturday, January 11, 2025

අන්තර්ජාලය ඔස්සේ 15 හැවිරිදි දැරියක් අලෙවි කිරීමේ සිදුවීමට මිහින්තලය ප්‍රා.සභාවේ උපසභාපතිවරයා අත්අඩංගුවට

Must read

අන්තර්ජාලය හරහා අලෙවි කරමින් 15 හැවිරිදි දැරියව අපයෝජනය කිරීමේ සිදුවීඹට සම්බන්ද  හා ඊට අනුබල දුන් තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.ඒ අනුව එම දැරිය අපයෝජනය කළ සහ ඊට අනුබල දුන් පුද්ගලයින් 21ක් මේ වන විට අත්අඩංගුවට පත්ව ඇත.

ඊයේ(30) දිනයේ අත්අඩංගුවට පත් අය අතර, මිහින්තලය ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයාද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඊට අමතරව ව්‍යාපාරිකයෙක් හා පානදුර ප්‍රදේශයේ පදිංචි අයෙක් ද ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

අත්අඩංගුවට පත් තිදෙනා අද (01) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සිදුවීම සම්බන්දයෙන් මේ වන විට අත්අඩංගුවට පත්වු අය අතර, දැරියගේ මව, දැරිය අලෙවි කළ පුද්ගලයාගේ අනියම් බිරිඳ, දැරියව අලෙවි කිරීමට එක් එක් ස්ථාන වෙත රැගෙන ගිය ත්‍රීරෝද රථ හා මෝටර් රථ රියදුරුවරු දෙදෙනෙක් හා දැරිය අලෙවි කිරීමට අදාළ වෙළෙඳ දැන්වීම නිර්මාණය කළ පුද්ගලයාව හා චීවරධාරියෙකු ද වේ.

අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා එම දැරියව මාස 3ක පමණ කාලයක් පුරා අලෙවි කර ඇති අතර, දැරියව රු 10,000ක්, රු15,000ක් හා රු 30,000ක් බැගින් මුදලකට අලෙවි කර ඇති බවට මේ වන විට  තොරතුරු ලැබී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article