Friday, September 20, 2024

අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචාකල විදේශිකයන් සිව්දෙනෙකු අත්අඩංගුවට

Must read

පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අන්තර්ජාලය හරහා විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමකට සම්බන්ධ විදෙස් ජාතිකයින් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස අධිකරණය ආසන්න ප්‍රදේශයකදීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නයිජීරියානු ජාතිකයින් තිදෙනෙකු සහ උගන්ඩා ජාතිකයෙකු වන අතර ඔවුන් අතුව තිබී ක්‍රෙඩිට් කාඩ්පත් 15 ක් ද හමුවී තිබේ.

දිනුම් ඇදීමකින් මූල්‍ය ත්‍යාග හිමි වී ඇති බව පවසමින් සැකකාර විදෙස් ජාතිකයින් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ජාවාරම සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article