Monday, January 13, 2025

අනවශ්‍ය ප්‍රවර්ධන SMS තහනම්

Must read

දුරකථන පාරිභෝගිකයා විසින් ඉල්ලා නොසිටින සියළුම ප්‍රවර්ධන කෙටි පණිවිඩ වලින් ඉවත් විම සදහා පහසුකමක් ඇතුලත් කරන ලෙස සියළුම දුරකථන ක්‍රියාකරුවන් වෙත දැන්වීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව තමන්ට අනවශ්‍ය ප්‍රවර්ධන කෙටි පණිවිඩ වින් ඉවත් වීමට පාරිභෝගිකයාට අවස්ථාව හිමිවීම සිදුවේ.

මේ අනුව ඉදිරි මැතිවරණයේදීද කිසිදු අපේක්ෂකයෙකුට තමන්ගේ ප්‍රචාරණ කටයුතු දුරකථන මාර්ග ඔස්සේ සිදුකිරීමට නොහැකි වන අතර ලබන මාර්තු මාසයට පෙර මෙය ක්‍රියාත්මක වීමට නියමිතය.

මේ වසරේ සිට ජනාධිපතිතුමන් විසින් සුබ පැතුම් කෙටි පණිවිඩ යැවීම නවතා දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරනු ලැබීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article