Thursday, January 9, 2025

අධික වර්ෂාවෙන් කෙන්යාවට ආපදා තත්වයක් – මරණ සංඛ්‍යාව 60 ඉක්මවයි.

Must read

කෙන්යාවට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඊයේ (24) වන විට 60 ඉක්මවා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරනවා. පසුගිය සිකුරාදා සිට කෙන්යාවට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මේ වන විට ගංවතුර තත්වයක් හා මඩ පසු සහිත නායයෑම්ද සිදුවෙමින් පවතිනවා. ඒ හේතුවෙන් මේ වන විටත් පාලම් ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර විපතට පත් ගම්මාන වෙත මාර්ග හරහා ලගා වමේ හැකියාවත් ජීවිතආරක්ෂක කණ්ඩායම් වෙත අහිමි වී තිබෙනවා.

විපතට පත් පිරිසගේ මෙන්ම ජීවිතආරක්ෂක නිධාරීන්ගේද අත්දැකීම් අනුව මෙවැනි විපතක් මින් පෙර ඔවුන් අත්විද නැහැ. ඔවුන් පවසන්නේ එක දිගට පැය 12ක කායක් තිස්සේ ඇද හැලුණ වර්ෂාවත් සමගින් ඇතැම් පිරිස් තමන්ගේ මෝටර් රථය තුල සිටියදීම සැඩ පහරට හසුව අතුරුදන් වී ඇති අතර ඇතැම් පිරිස් ගංගා වල ඉවුරු කඩා වැටීමත් සමග ජලයට වැටී අතුරුදන් වී තිබෙනවා. ජීවිතාරක්ෂක කන්ඩායම් වලට අනුව හා රජයේ ප්‍රකාශකයන්ට අනුව ඔවුන් විශ්වාස කරන්නේ මියගිය පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් මඩ තුල මිහිදන්ව ඇති බවයි.

විද්‍යාඥයින්ට අනුව ඉදිරියේදී ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හා සාගර ජල මට්ටම ඉහල යාමත් සමග ලොවපුරා ස්වාභාවික ව්‍යසන විශාල ප්‍රමාණයක් ඇතිවීමේ අවදානමක් ඇති වි තිබෙන අතර විශේෂයෙන් පැසිපික් සාගර කලාප හා අප්‍රිකානු රටවල් සදහාද මේ තත්වය බලපෑම් ඇති කරනු ඇතැයි විද්‍යාඥයින් අනතුරු අගවා තිබෙනවා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article