Sunday, July 7, 2024

අද ( 03 ) සිට මොනරත් ආලින්දයට…….

Must read

ලයිකා ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන නාලිකාවක් ලෙස ‘ මොනරා ටීවී ‘ අද  දිනයේ එළිදැක්වීමට නියමිතව  ඇත.
එම නාලිකාවේ නාලිකා ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ලයිකා ශ්‍රී ලංකා සමාගමේ රුපවාහිනී නාලිකා සමුහයේ මෙහෙයුම් ප්‍රධානියා ද වන බුද්ධික වික්‍රමාදරයි.

සතුටින් ජීවත්වීමේ කලාව කියන තේමාව ඔස්සේ මොනරා tv ඉදිරිපත්කරන්න සූදානම් එහි නාලිකා ප්‍රධානි පවසා තිබුණි.
මෙහිදී සාමාන්‍ය නාලිකාවක් වගේම ලංකාවේ හැමෝටම පෙනෙන දකින්න පුළුවන් නාලිකාවක් ඉදිරිපත් කරනවා සේම විශේෂිත වූ වැඩසටහන් රැසක් අපි සූදානම් කරලා තියෙනවා ලංකාවේ රසවින්දනය උදෙසා යැයි ඔහු කියා සිටියි
ටෙලිනාට්‍යය 8ක් ඉදිරිපත් කරන්න අපි සූදානමින් ඇතැයිද  සදහන්ය

3වෙනිදා උදේ 9.47ට යෙදෙන සුබ මොහොතින් මේක අපි ආරම්භ කරනවා. ” යනුවෙන් ඔහු සඳහන් කරනවා.
ලයිකා සමාගම විසින් පුවත්පතක්ද අරභා තිබුණි . එහෙත් එය මුද්‍රිත මාධ්‍ය කලාව තුල එතරම් අවධානයක් දිනාගැනිමට නොහැකි බව පොදු මතයයි .

ජනමාධ්‍ය පොදුවේ ගත් කළ දැවැන්ත අර්බුදයකට ගොස් ඇති පසුබිමක මොනාරටද කළහැකි වෙනසක් තිබේද යන්නම අභියෝගයකි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article