Monday, April 29, 2024

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත සම්මතයි

Must read

index
අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම, පරිපාලනය කිරීම හා කර්තව්‍ය ඉටුකිරීම සඳහා වන සංශෝධන පනත් කෙටුම්පත, සංශෝධන රහිතව අද (21) පාර්ලිමේන්තුවේදී සම්මතවී තිබේ.

යම් පුද්ගලයෙකු අතුරුදහන්වීම සම්බන්ධයෙන් මෙම කාර්යාලයට පැමිණිල්ලක් ලැබීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් වන විමර්ශන අවසන් වනතුරු  “අදාළ පුද්ගලයා දක්නට නොමැති බවට“ සහතිකයක් නිකුත් කිරීම මෙම කාර්යාලයේ වගකීමක් වන බව සඳහන්ය.

විමර්ශන අතරතුර පුද්ගලයා හමුවී තමන් පිළිබඳ හෙළිදරව් නොකරන ලෙස ඉල්ලීමක් කරනු ලැබුවොත් එලෙස හෙළිදරව් නොකිරීමේ හිමිකම කාර්යාලයට තියෙන බවද මෙම පනත් කෙටුම්පතේ දැක්වෙයි.

එසේම අතුරුදහන්වූ පුද්ගලයාගේ ඉරණම පිළිබඳ දන්නේ නම් ඒ පිළිබඳ එතැනින් එහාට ඒ පුද්ගලයා සම්බන්ධයෙන් කිසිවක් කාර්යාලයට අදාළ නොවන බවද කියැවෙයි.

 උපුටාගැනීම – http://sinhala.adaderana.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article