අතුරුදන්ව සිටි පේරාදෙණිය සරසවියේ කලා පීඨයේ සිව්වන වසරේ සිසුවාගේ මළසිරුර හමුවී තිබේ.
ඔහුගේ අතුරුදන්වීමෙන් පසු පසුගිය 16වනදා ලියන ලද ලිපියක් එම සිසුවාගේ බෝඩිම් කාමරයේ තිබී හමුවීමෙන් පසු පොලීසිය විමර්ශන ආරම්භ කල අතර එම විමර්ශණ වලදී ඔහුගේ සිරුර හමුවී ඇත්තේ මහනුවර ප්රදේශයේ මහවැලි ගඟේ ගං ඉවුරක තිබියදීය.
එම සිසුවාගේ මරණය සම්බන්දයෙන් පොලීසිය වැඩිදුර විමර්ශණ පවත්වයි.