මේ සටහන ලියන ලියුම්කරුගේ පියා අතුරුදන්ය. ඒ අසූව දශකයේ රාජ්‍ය භීෂණයයේ ප්‍රතිපලයක් ලෙසය. සුදු වෑන් රථයකින් පැමිණි සද්ධන්තයන් කිහිප දෙනෙක් මා ඇස් ඉදිරිපිටදීම මේ අහිංසක මනුස්සයාට පහර දී කුදලාගෙන රැගෙන ගියේය. පියා එදායින් පසු අතුරුදන්ය. සිදුවූයේ කුමක්ද කියා දන්නෙ නැත.. පැහැරගෙන ගියේ ඇයිද කියා දන්නෙ නැත… පැහැරගෙන ගියේ කවුද කියා දන්නෙ නැත…පැහැරගෙන යාමෙන් පසුව ඔහුව මරා දැම්මාදවත් අපි දන්නෙ නැත. මළ සිරුරක් දැක්කේ නැත. අපි දන්නේ ඔහු ශ්‍රීලනිපයට සම්බන්ධවී දේශපාලනය කළ බව පමණි.
එදා තිබුණේ යූ එන් පී ආණ්ඩුවකි. එදා අතුරුදන් වූයේ මගේ පියා පමණක් නොවේ. තවත් දහස් ගනනක ලැයිස්තුවක් තිබිණි. අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නය බරපතල විය. අතුරුදන් වූවන් ගැන සොයන්න කොමිසම් පත් කළේය. 1994 – 1997 කාල වකවානුව තුල අභිනවෙයන් තේරී පත්වූ ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග විසින් පුද්ගලයන් අකමැත්තෙන් ඉවත් කිරීම් හෝ අතුරුදන් වීම් සම්බන්ධ පරීක්ෂණ කොමිෂන් සභා තුනක් ස්ථාපිත කරන ලදි.
සමහර කාරණා එළිදරව් විය. අනෙක්වා එසේම වැළලී ගියේය. වන්දි ලැබිණි. නීතියෙන් දඬුවම් විඳි අය ගැන අසන්නට නම් නොලැබිණි.
මෙම කොමිසම් මගින් විසඳා අවසන් නොවූ සිද්ධීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට බස්නාහිර හා දකුණු පළාත් කොමිසම් සභාපතිනිය වන මනෝරි කෝකිලා මුත්තෙට්ටුවේගමගේ ප්‍රධානත්වයෙන් යුත් පසු විපරම් කොමිසමක් පිහිටුවන ලදි. ඊට වෙච්ච දෙයක් දන්නේ නැත.
රාජපක්ෂ පාලනයේ අතුරුදන්වීම
අසූව දශයේ පමණක් නොව හැත්තෑව දශකයේ සිට පසුගිය රාජපක්ෂ පාලනයේ අවසානය දක්වාම පුද්ගලයන් අතුරුදන්වීම මෙරට සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව තිබිණි. දකුණේ තරුණ නැගිටීම් දෙක හා උතුරේ තරුණ නැගිටීම මර්දනය කිරීමේ දි පමණක් නොව සිය දේශපාලන සතුරන් මර්දනය සඳහාද පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම පහසු කාරණාවක් බවට පත් විය. ඒද නොවේ කප්පම් ගැනීම වෙනුවෙන්ද මෙවා සිදු විය. රාජපක්ෂ පාලනයේ දී අතුරුදන් කරවීම් උත්සන්න විය. එය ජාත්‍යන්තර ගැටළුවක් බවටද පත්විය.
මේ හේතුවෙන් 2013 අගෝස්තු 15 වන දින , ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ මත මැක්ස්වෙල් පරණගම මහතාගේ සභාපතීත්වයෙන් යුත් අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමේ ජනාධිපති කොමිසම පිහිටුවන ලදි.
කෙසේ වෙතත් පරණගම කොමිසම වෙත සාක්ෂිකරුවන් බියගැන්වීම, සාක්ෂි වෙනස් කිරීම, පිලිගත නොහැකි අන්දමින් සාක්ෂි වැරදි ලෙස අර්ථකථනය කිරීම්, සහ කාර්ය පටිපාටික පක්ෂපාතීත්වය සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. මේ හේතුවෙන් කොමිසම පිළිබද විශ්වාසය පළුදු වූ අතර විපතට පත්වුවන් විසින් කොමිසම වර්ජනය කෙරිණි.
රණවිරුවෝත් අතුරුදන්
මේ පුද්ගල අතුරුදන් කිරීම් සඳහා නිරන්තරයෙන් හවුල් වූයේ රාජ්‍ය පාලනය කරන ආණ්ඩුවේ හෝ ආරක්ෂක අංශ හෝ පමණක් නොවේ. වෙනත් කල්ලි කණ්ඩායම්ද මේ දේ සිදු කළහ. උතුරු නැගෙනහිර යුධ සමයේදී ආරක්ෂක අංශ සාමාජිකයන්ද රැසක් අතුරුදන් විය. ඔවුන් ගැන අදත් තොරතුරු නැත.
අතුරුදන්වූවන්ට සිදුවූයේ කුමක්ද යන්න නොසොයා අත්හැර දැමීමේ අමානුෂික පිලිවෙතේහි ශ්‍රීලාංකිකයන් ඇත්තේ නැත.. තමන්ගේ ප්‍රියයා. තමන්ව නඩත්තු කළ හෝ තමන්ගෙන් යැපුනු ඥාතියා, හිතවතා, මිතුරා, සගයා. කිසිවකු හො ඔහුගේ හෝ ඇයගේ කැමැත්තෙන් තොරව පැහැරගෙන යාමකට ලක් කළා නම් එතැන් සිදුව ඇත්තේ වරදකි. රටේ පිළිගත් නීතියට අනුව එය කණ්ඩනය කිරීමකි. මිනිසෙකුගේ ජීවත් වීමේ අයිතිය කිසිවකුට උල්ලංඝනය කළ නොහැකියි. අප එරෙහි විය යුත්තේ මේ බලහත්කාරයට එරෙහිවය. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය කියන්නේ මේ බලහත්කාරයට එරෙහිව දශක ගනනාවක් තිස්සෙ කළ අරගලයේ ප්‍රතිපළයකි. එහි ජාති ආගමික දේශපාලන, පංති, කුලමල, ලිංග ආදී බේදයක් නැත. මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතියේදී එහි වෙනස්කොට සැලකීමක් තිබීම විය යුතු නැත.
රණවිරුවා ද මහවිරුවාද ගැටළුවක් නොවේ
දැන් අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවා ඇත. එහෙත් මේ සම්බන්ධයෙන් සිංහල ජාතිවාදි කොටස බරපතල විරෝධයක් ගොඩනඟමින් තිබේ. ඒ රණ විරුවන් බිල්ලට ගැනීමේ උත්සාහයක් බවට ලඝු කරමිනි. රණවිරුවා යන මිත්‍යාව ගොඩනැගුවේ එල්ටීටීඊයට එරෙහි යුද්ධය සාධාරණීය කර ගැනීමටය. මේ රණවිරු ලේබලයට මුවාවී. යුද අපරාධ මෙන්ම මානව හිමිකම් කඩ කිරීම ගැන චෝදනා රැසක් එල්ලව තිබිණි. මේ ඊනියා රණ විරුවන්ට එරෙහිව එවැනි චෝදනා එල්ල වූයේ එල්ටීටීඊය මර්දනයේ දී පමණක් නොව ඊට පෙර දකුණේ කැරළිකරුවන් මර්දනය කිරීමේ දි ද එය එසේම විය. ජාති ආගමික දේශපාලන, පංති, කුලමල, ලිංග ආදී බේදයකින් තොරව රට වැසියා මේ ගැටළුවට මුහුණ දී තිබේ. මේ නිසා අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නයේදී මේ ඊනියා රණවිරු සංකල්පය බැහැර කළ යුත්තකි.
වැරැද්ද කළේ මේ හමුදා රණ විරුවාද එල්ටීටීඊ මහවිරු සාමාජිකයාද වෙන මොකෙක් ද යන්න වැදගත් නැත. වරද කළ අයට නීතියෙන් දඬුවම් පැමිණ විය යුතුය. අගතිය පත් අයට යුක්තිය ඉටු විය යුතුය. එසේම යළි මෙවැනි තත්වයන් ඇති නොවීමට වගබලා ගත යුතුය.
වීරවංශ අතුරුදන් වුණොත් ?
අද මෙම අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමට එරෙහිව කතා කරන විමල් වීරවංශ වැන්නකු යම් තත්වයක් උඩ කිසිවෙකුගේ පැහැරගැනීමකට ගොදුරුව අතුරුදන් වූවහොත් ඔහු ගැන හොයන අයටද එන්න වන්නේ මේ කාර්යාලයටමය. මේ මොඩ සිංහල ජාතිවාදීන් ඒ අමතක නොකළ යුතුය.
මෙම කාර්යාලය වෙනුවෙන් ජනාධිපතිවරයා පත් කර ඇති සාමාජිකයන් ගැන සිංහල ජාතිවාදීන් විසින් කොටි එජන්තයන් යනුවෙන් කරන ගැරැහීමද මේ මොඩ ජාතිවාදයේම ප්‍රකාශයක් මිස ඇත්තක් නොවේ. බරපතල චෝදනාවට ලක්ව සිටින සාමාජිකා නිමල්කා ප්‍රනාන්දු යනු කොටි ඒජන්තයෙක් නොව මේ අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නය වෙනුවෙන් නොබියව කතා කරපු ඒ වෙනුවෙන් පෙනී සිටි මනුස්සකමෙන් පිරිපුන් ගැහැනියකි. අනෙකාගේ ජීවිතයේ වටිනාකම ගැන තමන් තුළ හැඟීමක් ඇතිවන්නේ මනුස්සකම තිබුණොත් පමණකි.
මේ රටේ සිංහල බෞද්ධ වර්ගවාදින් තුල නැත්තේම මේ මනුස්සකමය. මොවුන් සාහසික. අනෙකා මරා දමා හෝ තමන්ගේ බලය පවත්වාගත යුතු බව විශ්වාසකරන ම්ලෙච්ඡයන්ය. ඒ මොහොතේ පැවැත්ම ගැන පමණක් හිතන මේ මරි මෝඩයන් අඩුම තරමින් තමන්ගේ දුවා දරුවන්ටවත් මේ රටේ නිදහස හා අයිතිවාසිකම් සහිතව ජීවත් වීමේ පරිසරය සකස් විය යුතු බව හිතන්නේ නැත. තමන් කරන මරි මෝඩකම් වල ප්‍රතිපලය තවත් වර්ගවාදී යුද්ධයක් මිස ඊට වඩා දෙයක් ලැබෙන්නෙ නැති බව මේ ළිං මැඩියන්ට කල්පනා වන්නෙ නැත.
මේ මොහොතේ නිවැරැදී තීන්දුවක් වෙනුවෙන් පෙනී නොසිටිය හොත් අනාගතය වරදින බව මොහොතකට හෝ කල්පනා කිරීමට අබ ඇටෙක හරි මොළයක් මේ සිංහල බෞද්ධ ජාතිවාදීන්ට පිහිටා තිබේ නම් මේ අතුරුදන් වූවන්ගේ කාර්යාලයට එරෙහිවන්නෙ නැත.
කෙසේ නමුත් මට දැන්, මගේ අතුරදන් පියා සොයා යෑමට මඟක් විවෘතව ඇත.
www.lankadaily.com
අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය ගැන නිතර අසනු ලබන ප්‍රශ්න මෙම සැබැඳියෙන්
https://www.scrm.gov.lk/sinhfaq-omp