Monday, December 30, 2024

අගමැති මහින්ද විශ්‍රාම ගැන්වීමේ අභ්‍යන්තර කුමන්ත්‍රණය: සුදන්ත සාදු එදා මෙදා කියපු කතා (VIDEO)

Must read

අගමැති මහින්ද රාජපක්ෂ දේශපාලන විශ්‍රාම ගත යුතු බව නව සිංහල රාවයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ අවධාරණය කර සිටිති. 

මාධ්‍ය හමුවක් අමතමින් එබව සඳහන් කළ උන්වහන්සේ, තවදුරටත් කියා සිටියේ මහින්ද රාජපක්ෂ ක්‍රියාත්මක වන්නේ පරණ ආකාරයට ඩීල් දමමින් නම් යහපාලන ආණ්ඩුවේ Text 1 1කිසිදු වරදකරුවකුට දඬුවම් ලැබේ යයි විශ්වාස කළ නොහැකි බවයි.

නව ජනාධිපතිවරයකු බලයට ගෙන ඒමට කැපවූ මහා සංඝරත්නය ඇතුළු බහුතර ජනතාවගේ පැතුම මෙය නොවන බවද උන්වහන්සේ සඳහන් කළහ.

කටයුතු මේ ආකාරයටම සිදුවන්නේනම් පාස්කු බෝම්බ ප්‍රහාරයේ වරදකරුවන්ට හෝ ඒවාට සම්බන්ධ දේශපාලන නායකයන්ට කිසිදු දඬුවමක් නොලැබෙනු ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මෙම කරුණු සඳහන් කර සිටියේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට ඇප ලබාදීම සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂට හා නීතිපති දෙපාර්තමේන්තුවට දැඩි ලෙස දෝෂාරෝපානය කරමිනි.

 

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න හා අගමැති මහින්ද රාජපක්ෂ අතර හමුවක් සිදුව ඇති බවට ද සැක මතු කරමින් සුදන්ත හිමියන් පසුගිය දිනකද මාධ්‍ය හමුවක් පැවැත්විය.

ධනය බලය අනුව නීතිය නවන්න ඉඩනොතබන්නැයි ද උන්වහන්සේ එහිදී ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියහ.

 

සුදන්ත සාදු එදා කියපු කතා !!

මෙසේ මහින්ද රාජපක්ෂ බලහත්කාරයෙන් විශ්‍රාම ගැන්වීමේ මෙහෙයුමක බළල් අතක් වී සිටින පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්, මිට වසර කිහිපයකට පමණ පෙර සිය FB පිටුවේ සටහනක පළ කරමින් පැවසුයේ, මහින්ද රාජපක්ෂ යනු මේරටේ හදවත් තුල ජිවත්වන නායකයෙක් බවයි.

Magalkanda post

 

එසේම, හිටපු ඇමැති රාජිත සේනාරත්න විසින් ඔහුගේ උපන් දිනය නිමිත්තේ 2019 ජුලි 21දා සංවිධානය කළ දානමය පිංකමකට සහභාගි වෙමින් සුදත්ත හිමියන් සඳහන් කරන කළේ රාජිත සේනාරත්න මෙරට ජනාධිපති විය යුතු බවකි.

ජාතික නායකයින්ගේ හිඟයක් පවතින වකවානුවක කළුතර දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිවරයෙකු බිහි කිරීමට මෙවර ද අවස්ථාව උදා වී ඇති බව උන්වහන්සේ එදා දානය වළඳා පිරිකර ආදිය පිලිගනිමින් පැවසුහ.

ඊට අදාළ පුවත theleader.lk එදා වාර්තා කළේ මෙසේය.

එහිදී අනුශාසනාව පවත්මින් වැඩිදුරටත් අදහස් දැක් වූ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි මෙසේ ද පැවැසූහ.

“සෞඛ්‍ය අමාත්‍යවරයාට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමි වෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් අග්‍රාමාත්‍යවරයෙකු බිහි වූවත්, ජනාධිපතිවරයෙකු බිහි වී නැහැ. කළුතර දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිවරයෙකු බිහි කර ගැනීමට කාලය උදා වී තිබෙනවා. ජාතික නායකත්වයේ හිඟයක් පවතින අතර, එම හිඟය මකා දැමීමට කළුතර දිස්ත්‍රික්කයේ අපට අවස්ථාව උදා වී තිබෙනවා. සියලු දෙනා එකමුතු කිරීම කාලීන අවශ්‍යතාවයක්.”

 

මාගල්කන්දේ සාදු ගැන කියන කතා :

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත භික්ෂුව යනු සිංහල බෞද්ධ අන්තවාදි සංවිධානයක් වන බොදුබල සේනාවේ ක්‍රියාකාරි සාමාජිකයකුව සිටි අයෙකි. පසුව ඥානසාර හිමිගෙන් වෙන්වී ‘සිහල රාවය’ නමින් සංවිධානයක් අටවා ගනිමින් වඩාත් තුච්ඡ ලෙස ජාතිවාදී ආගම්වාදි ප්‍රකාශ කරමින් සිටි චිවරධාරියෙකි.

දැන් උන්වහන්සේ මාධ්‍යයට ‘වොයිස් කට්’ දෙන්නේ  ‘නව සිංහල රාවයේ’ නායකයා ලෙසිනි.

මාගල්කන්දේ සුදත්ත භික්ෂුගේ දේශපාලන භාවිතව හා හැසිරීම සම්බන්ධයෙන් වරෙක මේජර් අජිත් ප්‍රසන්න පවසා සිටියේ ‘‘ගිහි ජීවිතේ තක්කඩි අද සඟ සසුනට ඇවිල්ලා ඒක ‘වන‘ කරන්න හදනවා. ඒකට අපි විරුද්ධ යි“ යනුවෙනි.

එසේම දේශපාලන විචාරකයකු වන කල්‍යානන්ද පෙරේරා සිය FB පිටුවේ පොස්ටුවක් පළකරමින් මෙසේ විමසීමක් කර ඇත.

”අංගුලිමාල පැවිදි වෙලා නිවැරදි වුනාලු. මාගල්කන්දේ සුදත්ත හිමි කලින් පොලීසියේලු. පච්චත් තියෙනවලු. ඇයි නිවැරදි වෙලා, ආපහු අංගුලිමාල උනේ.”

Kalyananda Perera Post

theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article