Wednesday, May 8, 2024

අගමැති කාර්යාලය නාමල් බේබි පොදුජන පෙරමුණේ දේශපාලනය මධ්‍යස්ථානය බවට පත්කරයි

Must read

Namal-Rajapaksa-uses-Office-of-Prime-Minister-597x1024

(9.30 AM)

තම පියා නීතිවිරෝධී ලෙස අගමැතිවීමෙන් පසු සුපුරුදු පරිදි නාමල් බේබි සිය පුත්‍ර වරප්‍රසාද පාවිච්චි කිරීමට පටන් ගෙන තිබේ. එහි නවතම වරප්‍රසාදය වන්නේ තම පියාගේ හොර අගමැති පට්ටමත් සමග ලැබුණ අගමැති කාර්යාලය ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ දේශපාලන රැස්වීම් පවත්වන ස්ථානය බවට පත්කරගෙන තිබීමයි. ජනපති සිරිසේන විසින් පත්කල කුමන්ත්‍රණ ආණ්ඩුවේවත් කිසිදු තනතුරක් හොබවන්නේ නැති නාමල් රාජපක්ෂ පසුගිය දින කිහිපයක සිට මේ කටයුත්ත සිදුකරන බව ඔහුගේම ෆේස්බුක් ගිණුම සාක්ෂි දරයි.

පසුගිය නොවැම්බර් 24 වනදා සූරියවැව පොදුජන පෙරමුණ සාමාජික රැස්වීමක්ද, නොවැම්බර් 25 වනදා කටුවාන පොදුජන පෙරමුණ සාමාජික රැස්වීමක්ද, නොවැම්බර් 26 වීරකැටිය පොදුජන පෙරමුණ සාමාජික රැස්වීමක්ද නාමල් රාජපක්ෂගේ මුලසුන යටතේ අගමැති කාර්යාලයේදී පවත්වා ඇත.

එලසෙම මහින්ද රාජපක්ෂගේ කුමන්ත්‍රණ ඇමති මණ්ඩලය විසින් පුරුද්දක් වශයෙන් අගමැති කාර්යාලය තුල මාධ්‍ය හමු පැවැත්වීමට පටන්ගෙනද තිබේ. පසුගිය මාසයක පමණ කාලය තුල හොර  අගමැති හා ඇමති මණ්ඩලය විසින් අගමැති කාර්යාලය දේශපාලන කටයුතු වෙනුවෙන් භාවිතා කල තරම් පසුගිය වසර 4ක පමණ  කාලය  තුල අගමැති කාර්යාලය දේශාපලනය වෙනුවෙන් භාවිතා වී නැති තරම්ය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article