අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) සවස පාස්කු ප්‍රහාරය සම්බන්දව විමර්ෂණය කරන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතය. අගමැතිතුමන්ට අමතරව සාගල රත්නායක,රංජිත් මද්දුමබණ්ඩාර හා රුවන් විජේවර්ධන යන ඇමතිවරුන්ද අද දිනය තුලදී මෙම තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතය.
එමෙන්ම තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණෙන ලෙස ජනාධිපතිතුමන්ටද ආරාධනා කර ඇතත් මේ වන තෙක් එතුමාගේ පැමිණීම ස්ථීර කර නොමැති බවද වාර්ථා වෙයි. කෙසේ වෙතත මෙම විමර්ශණ වලදී ජනාධිපතිතුමන්ගේ සාක්ෂිය ඉතාමත් වැදගත් සාක්ෂියක් වන අතර ජනාධිපතිතුමන් සිය පැමිණීම ස්ථීර නොකරන්නේ නම් නැවතත් ඔහට දන්වා යවන බවත් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි.