Tuesday, May 14, 2024

අගමැතිගේ සහජිවන කිරිකලේට ගොමබෙටි දාන අධිකරණ ඇමති !

Must read

Wijedasa-Rajapaksaමේ රටේ සහජිවනය ගොඩනැගිම අද ප්‍රබලතම අභියෝගය වි තිබියදි ඒ වෙනුවෙන් අගමැතිවරයා සිය පුර්ණ කැපවිම සහ ක්‍රියාකාරි මැදිහත්විම පෙන්වා තිබියදි මේ රටේ අධිකරණ අමැතිවරයා ජාතිවාදි සිංහල බෞද්ධයන් පිරිසකට ආතල් දිම සදහා ප්‍රකාශ නිකුත් කරන්නට පටන් ගෙනය.
තමන් කැමැති ආගමක් ඇදහිම රටේ ව්‍යවස්ථාවෙන් තහවුරු කොට තිබියදි ඒ අයිතිය රටේ විවිධ පළාත් වල තර්ජනයට ලක්වෙමින් තිබේ.මෙහිදි වැඩියෙන්ම තර්ජනයට ලක්වෙමින් සිටින්නේ ක්‍රිස්තියානි ආගමිකයන් සහ මුසල්මානු ජාතිකයන්ය.
මේ ඇතැම් පාලාත්වල ඇතැම් ජාතිවාදි භික්ෂුන් කටයුතු කරන්නේ තමන් ඒ පළාතේ කහසිවුරු පොලිසිය යැයි සිතාය.
එමෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නිතිමය  මුලික ප්‍රතිපාදනයන්ට පවා එරෙහිව යමින් කහසිවුරු පොලිසියට ග්‍රහනයට නතුවමෙින් ඇතැම් රාජ්‍ය නිලධාරින් මුලික අයිතින් කඩකරමින් සිටින්නේ මේ ඇතැම් ආගමික මධ්‍යස්ථානයන් ඉදිරිකිරිමට පවා ඉඩනොදෙන බව කියමිනි.
පසුගිය සතියේ මේ හා සමාන සිදුවිමක් මොනරාගල ප්‍රදේශයෙන්ද වාර්ථා වි තිබුණි.
මේ සියළු යථාර්ථයන් විසින් පෙන්වා දි ඇති සත්‍ය පිළිබදව සිදුකරනු ලැබ ඇති එක්තරා අධ්‍යනයක්ද පසුබිම් කරගනිමන් නිතිඥ ලක්ෂාන් ඩයස් මහතා ඉතාමත් නිර්භිත ප්‍රකාශයක් සිදුකර .තිබුණි.
පසුගිය කාලය තුල ක්‍රිස්තියානු පල්ලි 190 ගණනක් ප්‍රහාරයට ලක්ව ඇති බවය.
මෙය සාවාද්‍ය ප්‍රකාශක් බව කියන්නට ඉක්මන් වි තිබුණි ජනාධිපති සිරිසේන මහතා ඊට පදනම් කරගෙන තිබුනේ කාර්දිනල් මැල්කම් රංජිත් හිමි ගේ ප්‍රකාශයකි.
එනම් එතුමන්ට අනුව කිසිදු ක්‍රිස්තියානි පල්ලියකට ප්‍රහාර එල්ලවි නැති බවය.
සුළුතර ආගමක නායකයෙකු ලෙසින් එතුමන් කර ඇති ප්‍රකාශයක සත්‍යයෙන් තොර එකක් වනවා පමණක් නොව සාහසික ප්‍රකාශයක්ද වෙයි .
ඒ ප්‍රකාශයේ ඇති ජුගුබ්සාව වන්නේ  ලංකාවේ ඇතැම් ප්‍රදේශවලදි ප්‍රහාරයට ලක්ව ඇති ක්‍රිස්තියානි පල්ලිවලට ප්‍රහාර එල්ල වි ඇත්තේ ද කාර්දිනල් මැල්කම් හිමිගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක කතෝලික පල්ලිය විසින්මය.මීගමුවේ අපට සාක්ෂි සහිත උදාහරණ කිපයක්ම තිබේ.
මෙවන් පසුබිමක් යටතේ ජාතිවාදි ඇතැම් සිංහල බෞද්ධයන්ට ආතල්දිම වෙනුවෙන් චණ්ඩියාට අදිමින් අධිකරණ ඇමතිවරයා කියා සිටින්නේ නිතිඥ ලක්ෂාන් ඩයස් විසින් සිදුකරන්නට යෙදුන ප්‍රකාශය ගැන සමාව නොඉල්ලනේ නම් සතියක් ඇතුලත නිතිඥ වෘත්තියෙන් පහකරනු ලබන බවය.
රටේ අධිකරණ ඇමතිවරයා නිතිඥයෙකුද  වශයෙන් මේ සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මේ රටේ  ප්‍රගතිශිලි නිතිඥ ප්‍රජාව මෙන්ම ප්‍රගතිශිලි සියළු දෙනා කොන්දේසි විරහිතව විරෝධය පළකරන්නට පෙළගැසිය යුතුව තිබේ.
අගමැතිවරයා සහජිවනය ගැන නිතර කතා කරද්දි අධිකරණ ඇමතිවරයා ඇතැම් ජාතිවාද කොටස් වල පල්ල අතගාමින් ඇගමැතිගේ සහජිවන කිරිකලයට ගොමබෙටි අතහරිමින් තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article