ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීම සදහා එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මින් පෙර සිය කැමැත්ත පල කල සිටි රාජිත සේනාරත්න, චම්පික රණවක හාෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන අය අතරින් අගමැතිගේ වැඩි කැමැත්ත පාඨලී චම්පික රණවක බව වාර්ථා වෙයි.
මින් පෙර අවස්ථාවකදී ව්‍යාපාරික ධම්මික පෙරේරා සිය ජනපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීම සදහා ු එා එක්සත් ජාතික පෙරමුණ අතර සාකච්ඡා පැවැතියත් එම තීරණය සදහා එජාපයේ අභ්‍යන්තරයෙන් දැඩි විරෝධයක් ඒ විය.
කෙසේ වෙතත් මේ වන විට යෝජනා වූ අනෙකුත් නම් වල සාපේක්ෂ වැඩි ජනතාව අතර විශ්වාසයක් දිනා සිටින පාඨලී චම්පික මහතා මේ වන විට ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවේ අගමැති තුමන්ගේ තේරීම බවට පත්ව ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම මේ වන විට සමාජ මාධ්‍ය හරහා ජනාධිපතිවරණයට සූදානම් වන සජිත් ප්‍රේමසාද මහතාට හෝ කරූ ජයසූරිය මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබානොදීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බවද ආරංචි මාර්ග පවසයි.