අකුණු සැර වැදීමෙන් එක් ප්‍රදේශයක පුද්ගලයන් 83 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත පුවතක් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.
බිහාර් ප්‍රාන්ත රජයට අනුව ප්‍රාන්තයේ විවිධ ප්‍රදේශ වලින් මෙම මරණ වාර්තා වී ඇති අතර මිය ගිය බොහෝ දෙනෙක් කුඹුරුවල හෝ වගාවන් වල රැකියා කරමින් එලිමහනේ රැඳී සිටි කම්කරුවන්ය.
අකුණු නිසා ඉන්දියාවේ එක් ප්‍රදේශයකින් මරණ 83ක්
