පසුගියදා අවසන් වූ ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගයෙන් පසු ශ්‍රි ලංකා දගපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ හා නවසීලන්ත නායක කේන් විලියම්සන්ගේ පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බව ජතා්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබේ.
ඒ අනුව ඔවුන් දෙදෙනා දින 14ක් ඇතුලත පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්දයෙන් පරීක්ෂණයක් සදහ් සහභාගී විය යුතු අතර එම පරීක්ෂණය අවසන්ව තීරණය ප්‍රකාශයට පත් කරන තුරු ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමේ හැකියාව ක්‍රීඩකයන් දෙදෙනාටම හිමි වේ.