Wednesday, December 25, 2024

රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන්ගේ නිලධාරියෙකු මාධ්‍යවේදියෙකුට පහරදෙයි

Must read



අද පෙරවරුවේ දි මඩකලපුවේ පැවති විරෝධතාවයකදී මාධ්‍යවේදී ඉලට්සුමනන් දේවප්‍රදීපන් මහතා පහරකෑමකට ලක්ව තිබේ. මෙම පහරදීම සිදුකර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය එස්.වියාලේන්ද්‍රන් මහතාගේ නිලධාරියෙකු විසින් බව ද වාර්තා වේ. මෙම සිදුවීමට හේතුවී ඇත්තේ හදසි අනතුරකින් මියගිය සමාජ සේවකයෙකු සිහිකිරීම වෙනුවෙන් ඉදිකර තිබූ බස්නැවතුම්පළක් කඩා විනාශකර තිබීම හේතුවෙන් එයට විරෝධය පා පැවති විරෝධතාවයකදීය. විරෝධතාවය පැවති ස්ථානයට අමාත්‍ය වියාලේන්ද්‍රන් මහතාගේ මාධ්‍ය සම්බන්ධිකාරක සහ තවත් නිලධාරිියෙකු පැමිණ ඇති අතර ඔවුන් විරෝධතාකරුවන් සමග කතාබහ කරන අවස්ථාව මාධ්‍යවේදියා විසින් ඡායාරූපගෙන තිබේ. එම අවස්ථාවේදී එක් නිලධාරියෙකු විසින් මාධ්‍ය වේදියාට පහරදී ඇත. පහරකෑමෙන් පසු දේවප්‍රදීපන් මහතා රෝහලට ඇතුලත් වී ප්‍රතිකාර ලබමින් සිටියි. මෙම බස්නැවතුම්පොල මීට දින තුනකට පෙරදී අමාත්‍ය වියාලේන්ද්‍රන් මහතාගේ ආධාරකරුවන් විසින් බැකෝ යන්ත්‍ර යෙදාගනිමින් විනාශ කර තිබේ. අමර් කේ. බාස්කරන් මහතාගේ ඥාතීන් විසින් එයට විරෝධය දක්වමින් අද උදෑසන විරෝධතාවයක නිරත වී තිබේ. පහරකෑමට ලක්වූ මාධ්‍යවේදී ඉලට්සුමනන් දේවප්‍රදීපන් IBC මාධ්‍ය ආයතනයේ වාර්තාකරුවෙක් ලෙස කටයුතු කරනු ලබයි.


මාධ්‍යවේදී දේවප්‍රදීපන් මහතාට පහරදුන් අමාත්‍ය වියාලේන්ද්‍රන්ගේ මහතාගේ නිලධාරියා

සිදුවීමට සම්බන්ධ අවස්ථා

සිදුවීමට සම්බන්ධ බස්නැවතුම්පළ හා එහි පැරණී ඡායාරූප

2014 වසරේදී හාඩ්-කෝර් පොළ ප්‍රදේශයේ හදිසි අනතුරකින් මියගිය සමාජ සේවකයෙකු වූ අමර් කේ. බාස්කරන් සිහිපත් කිරීම සඳහා ඥාතීන් විසින් 2014 දී ‘බස් නැවතුමක්’ නිල වශයෙන් ඉදිකරන ලදී. මෙම බස්නැවතුම දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. කේ.තුරෙයිරාජසිංහම් චෙන්කලඩි ප්‍රාදේශීය සභාව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානයේ මඩකලපුව අධ්‍යක්ෂ වසන්තරාජා විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. මෙවැනි ඓතිහාසික පසුබිමක් සහිත මෙම ගොඩනැගිල්ල මීට දින 3කට පෙර (2022.24.24) රාජ්‍ය අමාත්‍යවරයාගේ ආධාරකරුවන් පිරිසක් විසින් දැවැන්ත යන්ත්‍රයක ආධාරයෙන් කඩා ඉවත් කර ඇත.

රාජ්‍ය අමාත්‍ය එස්.වියාලේන්ද්‍රන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article