Saturday, September 21, 2024

ළමුන් සදහා එක එන්නත් මාත්‍රාවක් ඇතිලු ….

Must read

පාසල් ළමයින් සඳහා කොවිඩ්  මර්දන එන්නත් එක් මාත්‍රාවක් පමණක් ලබාදීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

පාසල් සිසුන්ගේ ප්‍රතිශක්තිය සඳහා  එක් මාත්‍රාවක් ප්‍රමාණවත් බවද  හෙතෙම සඳහන් කළ බව එම පුවතේ වැඩිදුරටත් සදහන්ය..

වයස අවුරුදු 18ත් 19ත් අතර පාසල් ළමයින්  එන්නත් කිරීම ඔක්තෝම්බර් 21 වැනිදා සිට ආරම්භ කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (08) රැස්වුණු කොවිඩ් මර්දන විශේෂ කමිටුව  තීරණය කර තිබුණි.

මේ අතර පසුගියදා පාර්ලිමේන්තුවේදි හෙළිවි තිබුනේ බස්නාහිර පළාතේ දරුවන් මේ වසරේ පාසැල් ගොස් ඇත්තේ දින 5 ක් පමණක් බවය.

කෙසේ වෙතත් දරුවන්ට කල් ඇතිව එන්නත විධිමත්ව ලබා දි පාසැල් ආරම්භ කිරිම සදහා වැඩපිළිවෙලක් සකස් කිරිමට රජය අපොහොසත් විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article