Saturday, January 11, 2025

හෙට ශ්‍රී ලංකාවට අර්ධ චන්ද්‍රග්‍රහණයක්

Must read

ජුලි මස 17වනදා එනම් හෙට දිනයේදී මෙරටට අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් දිස්වීමට නියමිත බව තාරකා විද්‍යා ආයතනය සඳහන් කරයි.

හෙට අලුයම 12.13ට පමණ මෙම චන්ද්‍රග්‍රහණය ආරම්භවීමට නියමිත අතර අලුයම 1.31ට පෘථිවියේ පූර්ණ ඡායාවෙන් සඳ වැසී යාම ආරම්භ වීමට නියමිතය. එම අවස්ථාවේදී සදේ දීප්තියේ පැහැදිලි අඩුවීමක් පියවි ඇසින් නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇති බවද තාරකා විද්‍යා ආයතනය සඳහන් කරයි. අලුයම 3 පමණ වන විට චන්ද්‍රග්‍රහණයේ උපරිම අවස්ථාව එළඹෙන බවත් ඒ අවස්ථාවේදී සදේ පෘෂ්ඨයෙන් 65%ක පමණ  ප්‍රමාණයක් පෘථිවියේ පූර්ණ ඡායාවෙන් වැසී යන බවත් තාරකා විද්‍යා ආයතනය සඳහන් කරයි. ඉන්පසු පෘථිවියේ ඡායාව සද මතින් ඉවත්වීම ආරම්භ වන බවත්  එය සම්පූර්ණයෙන්ම අලුයම 4.29ට ඉවත් වන බවත් එම ආයතනය පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article