Saturday, September 21, 2024

හෘද රෝගීන් කඩිනමින් බේරා ගැනීමට නව ඖෂධයක්

Must read

හෘදයාබාධයක් ඇති වුවහොත් ක්ෂණිකව ප්‍රතිකාර කර ඉන් රෝගියා ගලවා ගැනීම සදහා විදේශිය රටක නිෂ්පාදිත ඖෂධයක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබේ.

හෘදයාබාදය ඇති වී පැය 03 ක කාලයක් ඇතුළත මෙම ඖෂධය ලබාදීමෙන් රෝගීයාගේ ජිවිතය බේරාගත හැකි බව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නට පෙන්වා දී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඕනෑම රෝහලක හෝ ජංගම සායනයක දී මෙම ඖෂධය ලබාදීමේ හැකියාව ඇති අතර දැනට එම ඖෂධයක් රුපියල් 120,000 කට අලෙවි වන අතර, ඊට වඩා අඩු මුදලකට ලංකාවට මෙම ඖෂධය ගෙනඒම සදහා සාකච්ඡා ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දක්වා ඇත්තේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමඟ සෞඛ්‍ය ඇමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

හෘද රෝග සඳහා නොමිලේ ස්ටෙන්ස් ලබාදීමේ වැඩපිළීවෙල පිළිබඳව මෙහිදි දිර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

හෘද රෝග ඒකකය සදහා ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන රෝගීන්ට ප්‍රමාණවත් පහසුකම් නොලැඛෙන බවට මාධ්‍ය මගින් පළ වූ වාර්තා පිළිබදව ද සාකච්ඡා කර ඇති සෞඛ්‍ය අමාත්‍යවරයා ඊට කඩිනම් විසදුම් ලබාදෙන ලෙස වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර ට දැනුම් දි ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර , නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා , වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ ලාල් පනාපිටිය, හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් සහ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ ද එක්ව තිබේ.
www.gagana.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article