Saturday, September 21, 2024

හුදෙකලා ප්‍රදේශවල සිට රැකියාවට යාම තහනම්

Must read

හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙන තැන්වල සිටින කිසිවකු රැකියාවලට යාමට නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මෙම හුදෙකලා ප්‍රදේශවල සිටින විවිධ ආයතනවල සේවය කරන පුද්ගලයන් හට සේවයට වාර්තා කරන ලෙස එම ආයතනවලින් බලපෑම් කරන බවටද තොරතුරු ලැබී ඇති බවද හෙතම සඳහන් කළේය.

සෞඛ්‍ය අංශ මගින් නම්කර හුදෙකලා කර ඇති ප්‍රදේශ අවදානම් කලාප ලෙස නම්කර ඇති බැවින් යම් අයෙකු එම ප්‍රදේශයේ සිට රැකියා ස්ථානයට පැමිණෙන්නේ නම් ඔහු පැමි‍ණෙන්නේ කොවිඩ් ආසාදිත තත්ත්වයෙන් විය හැකි බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය

(අරුණ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article