Monday, December 23, 2024

හලාවත මෝය අසලදී කහ තොගයක් අත්අඩංගුවට

Must read

 


නිති විරෝධි ලෙසින් මෙරටට එක් දින යාත්‍රාවකින් ගෙනඑන ලද කහ තොගයක් සමග එම යාත්‍රාවද අද ( 18 දා ) අළුයම හලාවත මෝය ප්‍රදේශයේ දි අත් අඩංගුවට ගත හැකිවු බව ශ්‍රී ලංකා වෙරළාරක්ෂ දෙපාර්තමේන්තුවේ හලාවත වෙරළාරක්ෂක පිරික්සුම් මධ්‍යස්ථානය කියයි.
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ හලාවත පිරික්සුම් මධ්‍යස්ථානයට ලැබුණ තොරතුරක් අනුව එම නිලධාරින් කණ්ඩායමක් අද ( 18 දා ) අළුයම මුර යාත්‍රාවක් උපයෝග කර ගෙන පිරික්සුම් චාරිකාව ගිය අතර එම අවස්ථාවේ දි සැක කටයුතු එක් දින යාත්‍රාවක් මුර සංචාරක දැක පලා යන්නට තැත් කර ඇතත් එය ලුහුපැද ගිය විට සැකකටයුතු ධීවර යාත්‍රාවේ සිටි දෙදෙනෙකු මුහුදට පැන පලා ගොස් ඇත.
එම යාත්‍රාවේ පොලිතින් පෝර උර 21ක් තිබු අතර එවා අත් අඩංගුවට ගෙන පරික්ෂා කළ විට එම උර වල කහ කිලෝ 1057 ක් තිබු බවත් කියයි. පලා ගිය සැකකරුවන් සොයා මේ වන විට පරික්ෂණ ආරම්භ කර ඇති අතර ඔවුන් හලාවත ජයබිම ප්‍රදේශයේ පදිංචිකරුවන් වශයෙන් හදුනා ගෙන ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article