72 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි හමුදා සේවය හැරගොස් සිටින හමුදා සාමාජිකයන් වෙනුවෙන් අද (05) සිට (12) දින දක්වා පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කර ඇති බව හමුදාව පවසයි.

මෙම පොදු සමා කාලය තුල නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත් වීමට හෝ නැවත සේවයට වාර්තා කිරීමට හැකියාව පවතින අතර ආධුනික පුහුණුවීම්වල යෙදී සිටියදී සේවය අතහැර ගොස් ඇති සාමාජිකයන්ට ඔවුන්ගේ රෙජිමේන්තු මධ්‍යස්ථාන හෝ ආධුනික පුහුණු මධ්‍යස්ථාන වෙත පැමිණ ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු කරගැනීමට අවස්ථාව හිමිවේ.

ඒ අනුව 2019 සැප්තැම්බර් මස 30 වැනි දිනට පෙර නිවාඩු නොමැතිව  ත්‍රිවිධ හමුදා සේවය  හැරගොස් සිටින සාමාජිකයින්ට පමණක් මෙම පොදු සමාව හිමිවේ.