ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව අද(11) පෙරවරුවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවන බව වාර්තා වෙයි. මේ සදහා වෘත්තීය සමිති 26ක සාමාජිකයින් එක්වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව රට පුරා විරෝධතා ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක බවයි.