Tuesday, December 24, 2024

සිංහල භාෂාවෙන් ලැබුණු අධිකරණ ලියවිල්ල භාරගැනිම ටී.එන්.ඒ. මන්ත්‍රී ප්‍රතික්ෂේප කරයි !

Must read

 

දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතාට යාපනය  අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා එවන ලද ලියවිල්ල සිංහල භාෂාවෙන් තිබීම හේතුවෙන් එය බාරගැනීමට නොහැකි බවට මන්ත්‍රීවරයා විසින් පොලීසියට ඊයේ (14) දින දැනුම් දි ඇතැයි දිවයින වෙබ් අඩවිය වාර්තා කර තිබේ

යාපනය අධිකරණයේ ලබන 20 වනදා පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් ඊයේ දින  පොලිස් නිලධාරීන් දෙනෙකු විසින් ලියවිල්ලක්  බාරදීමට මන්ත්‍රීවරයා හමුවූ අවස්ථාවේදී අදාල ලියවිල්ල සිංහල භාෂාවෙන් තිබීම හෙතුවෙන් තමාට සිංහල කියවීමට නොහැකි බව පොලීසියට පවසා සිටි බව වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

පසුව පොලිස් නිලධාරීන් විසින් එය පරිවර්තනය කොට මන්ත්‍රීවරයාට ලබාදීමේදී මන්ත්‍රීවරයා පවසා සිටියේ සිතාසියක් හෝ අධිකරණ නියෝගයක් නිකුත් කිරීමට පොලීසියට නොහැකි බවටත් තමන්ට දමිළ භාෂාවෙන් අධිකරණය මගින් ලියාපදිංචි තැපෑලෙන් සිතාසියක් ලැබෙන්නේනම් පමණක් පිළිගන්නා බවවත්ය.

දමිළ ජනයා සිය අභිළාෂයන් මුදුන් පමුණුවා ගත හැකි බලතල බේදිමක් ගැන දශක ගණනාවක් තිස්සේ  අරගල කළද දකුණේ ජාතිවාදින්ද විශේෂයෙන්ම ජාතිවාදි බෞද්ධ හික්ෂුන් මෙන්ම වර්ග වාදි දේශපාලකයන් මෙන් ඇතැම් මාධ්‍යයද ඊට එරෙහිව වුහ.

තමන්ට කියවා ගත නොහැකි භාෂාවකින් අධිකරණ ලියවිල්ලක් ලැබෙන්නේ නම් ඉන් කියැවෙන්නේ කුමක්ද ?
බලතල බෙදිමකට එරෙහිවන අය වෙත දමිළ භාෂාවෙන් අධිකරණ ලියවිල්ලක් ලැබෙනනේ නම් ඔවුන් ප්‍රතිචාර කෙබදු විය හැකිද ?

සකලාකාර ජාතිවාදින් එක මිටට තබා පරාජය කළ යුතුව ඇත්තේ එබැවිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article