Saturday, December 28, 2024

සැම්සුන්ග් සමාගමේ ප්‍රථම foldable smartphone සැප්තැම්බරයේදී වෙළදපොලට

Must read

සැම්සුන්ග් සමාගම සිය ප්‍රථම නැවිය හැකි දුරකථනය (foldable smartphone) වෙළද පොලට නිකුත් කිරීමට සූදානම් වෙයි. ඒ අනුව එළඹෙන සැප්තැම්බර් මාසයේදී මෙම දුරකථනය වෙළදපොලට නිකුත් කිරීමට නියමිතය.

මෙම දුරකථනය වෙළදපොලට නිකුත් කිරීම සදහා සමාගම විසින් අප්‍රේල් මාසය තෝරාගෙන තිබුණද දුරකථනයේ භාවිතා කිරීමේදී එහි තිරය පළුදු වීම් සිදුවූ බව සමාගමේ විචාරකයන් පැවසීමත් සමග එම ගැටළුව නිරාකරණය කරගැනීම සදහා සමාගම කටයුතු කිරීම මෙම ප්‍රමාදයට හේතුවිය.

මෙසේ විචාරකයන් විසින් දුරකතනයේ අඩුපාඩු පෙන්වා දීමත් පසු තවදුරටත් දුරකථනයේ තත්වය වර්ධනය කල සැම්සුන්ග් සමාගම දැඩි තත්ව පරීක්සණ සදහාද දුරකථනය ලක් කර ඇත

කෙසේ හෝ සැමුසුන්ග් සමාගෙමේ ප්‍රථම foldable smartphone එක ලබන සැප්තැම්බරයේ Galaxy Fold ලෙස ඉදිරිපත් කිරීමට  නියමිත අතර මෙය දුරකථන සමාගම් අතර මෙන්ම දුරකථන වෙලදපොලේද තරගය වැඩි කිරීමට දැඩි බලපෑමක් සිදුකරනු නියතය.

මේ අතරම මේ වන විට ලොව දෙවන විශාලතම දුරකතන අලෙවිකරුවා බවට පත්ව ඇති හුවාවේ (Huawei) සමාගමද සිය ප්‍රථම folding smartphone දුරකථනය එළඹෙන සැප්තැම්බරයේ වෙලදපොලට නිකුත් කිරීමට සූදානම් බවද වාර්තා වෙයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article