ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය පාදක කරගනිමින් වාර්ගික හා ආගමික ආතතියන් ගොඩනැගෙන ආකාරයේ ප්‍රකාශටන් හෝ ඉදිරිපත් කිරීම් සමාජ මාධ්‍ය ජාලයන් හරහා සිදුකරන පිරිස්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බාලාපොරොත්තු වන බව නීතිය හා සාමය පිලිබද ඇමති සාගල රත්නායක මහතා පවසයි. මැතිවරණ කොමිසමේ නියෝගයන්ට අනුව මෙම මැතිවරණය සාධාරණ හා නිදහක් මැතිවරණයක් වශයෙන් තහවුරු කිරීම සදහා පොලීසිය සිය කාර්යභාරය ඉටු කරනු ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කරයි.
මැතිවරණයේදී ප්‍රචාරණ කටයුතු සදහා පොලිතින භාවිය තහනම් කර ඇති අවස්ථාවක ඒ සදහා පොලිතින් භාවිතයෙන් වැලකෙන ලෙස සියළුම එජාප අපේක්ෂකයන්ගෙන් ඉල්ලා ඇති බවත් මෙම ඓතිහාසික මැතිවරණයේදී එක්සත් ජාතිත පක්ෂය සියළුම ජනතාව වෙත උදාහරණයක් එැපයීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා බවසයි.