Friday, September 20, 2024

සයින්දමරුදු නගර සභාව පිහිටුවීම දෙමල මුස්ලිම් දෙපාර්ශවයටම සහනයක් – ගම්මන්පිල

Must read

පසුගිය 17වනදා පිටකෝට්ටේදී පිවිතුරු හෙල උරුමය සංවිධානය විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණණ වලට පිලිතුරු දෙමින් උදය ගම්මන්පිල මහතා මෙසේ සදහන් කලේය.

සයින්දමරුදු වෙත නගර සභාවක් ලබා දීමට තිබූ ප්‍රමුඛතාවය කුමක්දැයි මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී ගම්මන්පිල මහතා සදහන් කර සිටියේ “දීර්ඝ කාලීනව තිබූ දෙමල හා මුස්ලිම් පාර්ශව ගැටුම අවසන් කිරීමක්.කල්මුණේ නගර සභාවට දෙමළ හා මුස්ලිම් ජනතාව අතර බලය ඇල්ලීමේ ගැටුමක් තිබුණා. වෙන් කිරීම හරහා දෙපාර්ශවයටම සහනයක් ලැබුණා” ලෙසය.

එලෙසම කොළඹ ප්‍රදේශයේත් විවිධ ජනවර්ග ජීවත්වන බැවින් ඒවා මූලික කරගෙනද නගරසභාවන් පිහිටුවිය හැකිදැයි මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කල අවස්ථාවේදී , ” මේක ජනවාර්ගික බෙදීමක් නෙවෙයි කුඩා ප්‍රදේශයට විශාල ජනතාවක් ඉන්න නගරයක්, කාට හරි මෙකෙන් අවාසි වෙලා තියෙනවද” වශයෙන් පිලිතුරු දීමට ගම්මන්පිල මහතාට සිදුවිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article