Friday, September 20, 2024

‘සමගි ජාතික බලවේගය’ හංසයා තෝරා ගනියි

Must read

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ඉදිරි මහ මැතිවරණයට සමගි ජන බලවේගය සන්ධානය යටතේ හංසයා ලකුණින් තරග කිරීමට තීරණය කර ඇත.

එජාප නීති අංශය විසින් ‘සමගි ජාතික බලවේගය’ අදාළ සන්ධානයේ නිල නාමය ලෙස භාවිත කළ හැකි බව පක්ෂ නායකත්වයට දැනුම් දී ඇත. එසේම එම සන්ධානයේ සලකුණ ලෙස හංසයා ලකුණ භාවිත කළ හැකි බවද එජාප නීති අංශය විසින් දැනුම්දී ඇති අතර සන්ධාන නාමය සහ සලකුණට මේ වන විට එජාපයේ සියලු පාර්ශ්ව එකඟතාව පළකර ඇති බවද වාර්තාවෙයි.

අද (19) පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවට මෙම යෝජනාව ඉදිරිපත් කර සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක මන්ත්‍රීවරයා සදහන් කරයි. එසේම සන්ධාන නායකත්වය සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට ලබාදීම පිළිබඳව ගැටලුවක් නොමැති බවත් මන්ත්‍රීවරයා තහවුරු කර සිටියේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article