Saturday, November 23, 2024

සංචරණ සීමා ඉවත් කරනවාද නැද්ද – සාකච්ඡාව අද

Must read

COVID-19 කාර්ය සාධක බලකාය අද (28) පෙරවරු 11.00  ට ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා හමුවී රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත අතර එහිදී සංචාරණ සීමාවන් ඉවත් කිරීම සුදුසු දැයි සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මේ වන විට තීරණය කර ඇති ආකාරයට දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සීමා ජුනි 07 වනදා දක්වා ක්‍රියාත්මක අතර මැයි 31 වනදා පැය කිහිපයක් සදහා ජනතාවට කාලයක් ලබාදීමට තිරණය කර ඇත. කෙසේ වෙතත්  31 වනදා සංචරණ සීමා ඉවත් නොකරනු ඇතැයි පැතිර යන ප්‍රචාර වල සත්‍යතාවයක් නොමැති බවත් ඒ සම්බන්දයෙන් තීරණය කරන්නේ අද පැවැත්වෙන සාකච්ඡාවේදී බවත් ඩේලි මිර්ර් වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article