Friday, September 20, 2024

ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග කල්දමන්නේ නෑ – විභාග කොමසාරිස්

Must read

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වු කොවිඩ් – 19 රෝගීන් කිහිපදෙනා හේතුවෙන් රට තුළ පවත්නා තත්වය හේතුවෙන් පහ වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළවිභාගය පවත්වන දිනයන්ගේ වෙනසක් සිදු නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.

ඒ අනුව පෙර පරිදිම 05 ශ්‍රේණි‍යේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තොම්බර් 11දි න පැවැත්වෙන අතර උසස් පෙළ විභාගය ඔක්තොම්බර් මස 12 සිට නොවැම්බර් මස 06 වන දා දක්වා පැවැත්වෙනු ඇත.

එහෙත් විභාග සහතික පත්‍ර නිකුත් කිරීම ඔන්ලයින් (Online) ක්‍රමය ඔස්සේ පමණක් සිදු කරන අතර නිරෝධායන හේතු මත දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට මහජන පැමිණීම සීමා කර ඇති බැවින් නැවත දැනුම් දෙන තුරු විභාග දෙපාර්තමේන්තු එක්දින සහ සාමාන්‍ය සේවා කවුළු තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article