Saturday, September 21, 2024

ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙකු සෞදි ආරාබියේදී අතරුදහන් යැයි ඥාතීන්ගෙන් පැමිණිල්ලක්..

Must read

සෞදි ආරාබියේ සේවය කරන ශ්‍රීලාංකිකයන් 6 දෙනෙකු අතුරුදහන් වී ඇතැයි එම පිරිසේ ඥාාතීන් විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශයට පැමිණිලි කර තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ මාධ්‍ය ලේඛම් නනීන් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙම අතරුදහන් වූ පුද්ගලයන් සොයාගැනීම සදහා අවශ්‍ය සියළුම කටයුතුආරම්භ කර ඇති බවයි.
අක්කරොයිපත්තුහි පදිංචි එම්.එච්.රිෆ්නාස්, රත්නපුරේ පදිංචි ඒ.එස්.එම්.සුජාහන්, ගිරිඋල්ල ප්‍රදේශයේ  පදිංචි පී.ජී.කමනි, ඇතිමලේ ප්‍රෙද්ශයේ පදිංචි කේ.පී.කේ.චන්ද්‍රාවතී, කල්ලඩි ප්‍රදේශයේ එන්.එෆ්.රීටා, සහ ගලෙන්බිදුනුවැව ප්‍රදේශයේ පදිංචි පී.ටී.මොහොමඩ් රියාස් යන පිරිස මේ ආකාරයෙන් අතරුදහන් වී තිබෙනව බවයි ඥාතීන් පවසන්නේ. මේ පිරිස 2004 -2014 අතර කාලය තුල සෞදි ආරාබියේ සේවය සදහා ගිය පිරිසක් බවත් වාර්ථා වෙනවා.
220px-Saudi_Arabia_map
www.dailymirror.lk ඇසුරිණි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article