යහපාලන ආණ්ඩුව ඉදිරියටත් ගෙනයා යුතු බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කිරීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු දෙපාර්ශවයකට බෙදී තිබේ.
අද (14) පැවැති කැබිනට් රැස්වීමෙන් අනතුරුව ශ්‍රීලනිප අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන්ගේ (ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම) රැස්වීම ද ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර එහිදී ශ්‍රීලනිප මන්ත්‍රීවරු මෙසේ දෙපාර්ශවයකට වෙන්වී ඇත.
එම රැස්වීමේදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිකම් කරණ ආණ්ඩුවක තමා නොසිටින බවයි.
මහින්දගේ ඔෆර් එකක් – තිලංග
එසේම, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා ඇත්තේ “ අපිට හිටපු ජනපති මහින්දගෙන් ඔෆර් එකක් තියෙනවා ආණ්ඩුවක් හදන්න.. අපි ගිහින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදමු” යැයි පවසා ඇත. (සුමතිපාල මහතා, ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ජනපතිවරයාගේ ප්රචාරක ව්‍යාපාරය බාරව කටයුතු කළ ප්‍රධානියා වේ.)
මට වමාර වමාර කන්න බෑ – විජිත් විජයමුනි සොයිසා
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසා ඇත්තේ මට නම් කාපුව වමාරලා, අයෙත් කාලා, ආයෙත් වමාරලා කන්න බැහැ මම නම් යන්නේ නෑ යනුවෙන් පවසා තිබේ.
අපි ජනපතිට දුන් ජනවරම ආරක්ෂා කරමු – මහින්ද සමරසිංහ
අපි අපේ ජනාධිපතිතුමා වෙනුවෙන් 2015 දී මහින්ද විරෝධීන් දුන්න ජනවරමට පිටු පාන්න හොඳ නෑ. අපි ආණ්ඩුවේ ඉඳගෙන ජනාධිපතිතුමාගෙ ප්‍රතිපත්ති පොරොන්දු ඉටුකරන්න සටන් කරමු යැයි වාරාය හා නාවුක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසා තිබේ.
මේ අතර, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාපා, සරත් අමුණුගම හා දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන්ද යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යා යුතු බවට තර්ක කර ඇත.
මත දෙකක් තියෙනවා… කැමැත්තක් කරගන්න – ජනපති
මෙම රැස්වීම අවසානයේ අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතන මත දෙකක් ඇති බවත්, එක් එක්කෙනා කැමති ආකාරයෙන් කටයුතු කරන්නැයි උපදෙස් ලබාදෙමින් රැස්වීම අවස්නකර ගොස් තිබේ.
srilankamirror.com