Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

වූහාන් සිට පැමිණි සිසුන් යහපත් සෞඛ්‍ය තත්වයෙන්

Must read

 

වූහාන් නගරයේ සිට මෙරටට ගෙන්වා ගත් සිසුන්  යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව වාර්තා වෙයි. ඊයේ (01) දිනයේදී මෙරටට පැමිණීමෙන් පසු එම පිරිස දියතලාව යුධ හමුදා පුහුණු කඳවුරේ ස්ථාපිත විශේෂ නේවාසික මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබිණ.

මත්තල ගුවන් තොටුපලට පැමිණි පිරිසට කුඩා ළමුන් සිවු  දෙනෙක් ඇතුලත්ව සිටි අතර එහිදී ඔවුන්  හැඳ සිටි අඳුම් වෙනුවට අළුත් ඇඟලූම් ලබා දීමෙන් පසු පූර්ණ සෞඛ්‍ය පරීක්‍ෂණයකට ලක් කෙරිණ.  අනතුරුව විශේෂිත ඛෝපභෝගී බස් රථයකින් ඔවුන්ව රැදවුම් කදවුර වෙත ⁣ගෙනයන ලැබිණි.

යුධ හමුදාවේ හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් වෛද්‍ය කණ්ඩායම් සහ මහජන සෞඛ්‍ය නිළදාරීන් ද නිරෝධායන ක‍්‍රියාවලිය අධීක්‍ෂණයට එක්ව සිටිති. දින 14 ක අධීක්ෂණයෙන් පසු සිසුන් දෙමාපියන්ට බාර දීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article